33 C
Colombo
Saturday, May 4, 2024

ජාත්‍යන්තර බලපෑම් නොතකා රුසියාව සමග අඛණ්ඩ‍ව වෙළෙද ගනුදෙනු කිරීමට ඉන්දියාවේ අවධානය

- Advertisement -

රුසියාව සමඟ වෙළඳ අභියෝග ජයගන්නේ කෙසේ ද යන්න සොයා බැලීමට රජය බහු අමාත්‍ය කණ්ඩායමක් යොදවා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුසියාව සහ යුක්රේනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳව රාජ්‍ය සභාවේ නැගුණු ප්‍රශ්න ගණනාවකට පිළිතුරු දෙමිනි.

ඉන්දියාව, රුසියාව සමඟ වෙළඳ ගණුදෙනු අඛණ්ඩව සිදු කිරීමටත්, රුපියල සහ රූබලය ඒ සදහා යොදා ගැනීමටත් කටයුතු කරමින් සිටින්නේ රුසියාවට එරෙහි සම්බාධක පැනවූ රටවල් ගණනාවක් නවදිල්ලියට දූත පිරිස් එවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී රුසියාව සම්බන්ධයෙන් වන කටයුතුවලදී ඡන්දය දීමෙන් වැළකී සිටීමේ ඉන්දියාවේ ස්ථාවරය වෙනස් කිරීමට උත්සාහ කරමින් ඇති පසුබිමකයි.

රුසියානු සම්බාධක සම්බන්ධයෙන් ඉන්දියාවේ සහයෝගය එක්සත් ජනපදය ඇතුලු Quad හවුල්කාර රටවල් හතරේ කණස්සලට හේතුවී ඇති බවත් එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර වෙළඳ ගණුදෙනු සඳහා එය බලපෑ හැකි ආකාරය පිළිබඳවත් ඉන්දීය පාර්ලිමේන්තුවේ දී දිගින් දිගටම ප්‍රශ්ණ කෙරිණි.

එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිසංකර් පැවසුවේ ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය පිළිබද තීරණ ගනු ලබන්නේ ඉන්දියානු ජාතික අවශ්‍යතා සඳහා වන බැවින් යුක්‍රේන තත්ත්වය වෙළඳ ප්‍රශ්නවලට සම්බන්ධ කිරීමට හේතුවක් නැති බවයි.

RECENT ARTICLES - SINHALA

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...