33 C
Colombo
Saturday, May 4, 2024

මිනිස්සු පෝලිමේ හිටියට ඉන්ධන හිගයක් නෑ..! – ඛනිජ තෙල් සභාපති

- Advertisement -

බොහෝ ඉන්ධන හල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණද රටතුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.

පෝලිම් ඇතිවීමට හේතුව ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කර ගැනීම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ජනතාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බවත් තවත් දින කිහිපයක් තුළදී ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.

ඉන්ධන පෝලිම් ඇතිවීමට තවත් හේතුවක් වී ඇත්තේ IOC ඉන්ධන මිල වැඩිවීමයි. මේ නිසා IOC පාරිභෝගිකයන්ද තෙල් සංස්ථාවේ පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන බවද සුමිත් විජේසිංහ මහතා පවසනවා.

ජනතාවගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහාත් විදුලි නිෂ්පාදන කටයුතු සඳහාත් අවශ්‍ය ඉන්ධන තොග රටතුළ තිබෙන බැවින් අනවශ්‍ය පරිදි ඉන්ධන රැස්කර තබා ගැනීමෙන් වැළකී සිටින්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...