29.6 C
Colombo
Sunday, April 28, 2024

ජනපතිගේ අසල්වැසි නිල්මිණී තෙන්නකෝන්ගෙන් සැර ප්‍රකාශයක්..!

- Advertisement -

රටේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රවීණ නිළි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය විසින් අද (28) දින තම ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුනා.

නැවතත් දේශපාලනය හෝ දේශපාලකයන් වෙනුවෙන් ඇය ඉදිරිපත් නොවන බවයි එම ෆේස්බුක් සටහනෙන් ඇය පවසා ඇත්තේ.

අදාළ සම්පූර්ණ සටහන පහතින්…

“සුභ දවසක් දවස සුබ ද යන්න ඔබට හිතෙන්න පුළුවන් මේ රටේ කලාකාරියක් වුණු මම සමාජයට කළ මෙහෙවර තුළින් මගේ රටේ ජනතාව ආදරයෙන් වැළඳගෙන තියෙනවා. මේ කාලය කිසිම කෙනෙක්ගෙ කිසිම දෙයක් කරන්න ඔලුව වැඩ කරන්නෑ කියලා මං දන්නවා. ගොඩක් අය අපට දොස් කියනවා දේශපාලනයට කඩේ ගියා කියලා. ඇත්ත 60නම ලක්ෂයක් අතරින් මාත් ඉන්නවා. දේශපාලන පසුබිමක් තිබුණු පවුලක කෙනෙක් මම. නමුත් දේශපාලනයට මා කිසිසේත් අකමැතියි. මගේ ජීවිතය අනතුරට ලක් වූ අවස්ථාව එවකට හිටියෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මා වෙනුවෙන් ඉදිරිපත් වුණ අවස්ථාව වෙනුවෙන් මගේ කෘතගුණ ඉටු කලා.

නමුත් එදත් මගේ මතය පාටක් භේදයක් නැතුව මගේ රට දියුණු කිරීමේ අභිලාෂය මිසක වාසියක් තකා වරප්‍රසාද ලබාගැනීම වෙනුවෙන් කවදාවකවත් මගේ ජීවිතේ පාවා දෙන්නේ නෑ. මා ජීවත් වෙන්නේ මගේ මහන්සියෙන් කිසිම දේශපාලනයකින් තනතුරක් වාසියක් ලබාගැනීමට. මගේ ජීවිතය මැරෙන තුරාවට දේශපාලඥයන්ගෙ ලඟට ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ. අපේ රටේ දේශපාලනඥයෝ අහිංසක දුක් විඳින ජනතාවගේ දුක හඳුනන්න නැති කොටසක් බවට පත්වෙලා. ඔබ ජනතාවගේ ඡන්දයෙන් පත් වුණාට පසුව ජනතාවගේ මුදල්වලින් වරප්‍රසාද ලබාගෙන හැම කෙනාම කරන්නේ මේ මාතෘ භූමිය නැති කරන එක. මහන්සියෙන් හරි හම්බ කරන කෙනාටත් සතුටෙන් ජීවත්වෙන්න බැරිද පරිසරයක් දේශපාලනඥයා විසින් ඇති කරනවා. මුලින්ම දේශපාලන ට පිවිසෙන කොට තමන්ගේ රටට ආදරේ කරල ඉන්න බොරුව වංචාව මේ සියලු දේ ඔබලාගේ ජීවිතවලට එකතු කරගෙන අපේ මතු පරම්පරාවට භුක්ති විඳින්න තියෙන මේ මුතු ඇටයක් වැනි වටිනා වස්තුව අපේ රට නැති කරන්න එපා. තරුණ පරපුර හැමදාම දකින්නේ පාර්ලිමේන්තුව ඇතුළේ බොරුව පමණයි. විවාදය තමන්ගේ වාසිය තකා බොරු රංගනයක යෙදෙන මන්ත්‍රීවරුන් අසාර්ථක තිර රචනා දැක්කම මටනම් කලකිරෙනවා.

රටේ සල්ලි නාස්ති කරමින් පාර්ලිමේන්තුව ඇතුළේ හරයක් නැති මෙගා ටෙලි නාට්‍යයක් වගේ අසාර්ථක සියලුම මන්ත්‍රීවරුන් දැක්කම කලකිරෙනවා. යුද්ධයෙන් බැටකාපු අපි පාස්කු ප්‍රහාරය යම් යම් කාලවල් තුළ ඇතිවුන ව්‍යවසන සමඟ රටේ ජනතාව වගේම මා ඇතුලුව කලාකරුවෝ ද ලොකු වෙනසක් ඇති කරගන්න ඉදිරිපත් වුණා. නොසිතූ විදිහට හැමදේම වෙනස් වෙලා රටට ආදරයක් හරි සැලැස්මක් හරි පෙළගැස්ම එදාවේල හම්බකරන් කන ජනතාව ගැන හිතලා සියලුම දේශපාලනඥයන්ගේ වගකීම ඉටු කරානම් අද මෙවැනි තත්ත්වයකට රට පත් වෙන්න ඇති බව විශ්වාස කරන්න. මා කාරුණිකව ඉල්ලන්නේ සියලුම ජනතාව වෙනුවෙන් අපේ රට අපිට ලබා දෙන්න ඔබගේ යුතුකම ඔබ ඉටු කරන්න. සියලු දේශපාලඥයන් ඔබලා හරිහම්බ කරගත්ත ඇති. දැන්වත් සියලු දෙනා එකට එකතු වී මේ රට බේරලා දෙන්න. අපි ඉපදෙනකොට රට ඇතුළේ ප්‍රශ්න අපි මැරෙන්න මේ ප්‍රශ්න දකිමින් මේ සුන්දර රට බේරලා දෙන්න අහිංසක කලාකරුවන් වන අපි කලාකරු විසින්ම කලාව ගොඩනඟා මේ ගමන යනවා මිසක කලාව රැකියාවක් හැටියට පත් කරන්න කිසිම කෙනකුට වුවමනා නැත.

ලෝකේ හැම රටකම කලාව කියන්න එක අප රට තුළ කලාව බින්දුවට දාලා මෙ කලාවක් නැත්නම් රටේ අහිංසක ජනතාවක් මානසික ආතතියෙන් මේ වෙනකොටත් පත්වෙලා ප්‍රතිපත්තියක් හැටියට දේශපාලනයට අකැමැති වුණු මම අන් හැම කෙනාම වගේ දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත් වුණා .ආයේ නැවත මගේ ජීවිතය කවමදාකවත් මෙවැනි මෝඩකම් නොකරමින් මගේ දහඩිය මහන්සියෙන් මගේ ජීවිතේ සාර්ථක කර ගත්තේ ජනාධිපතිතුමා ඇතුළු සියලුම දේශපාලනඥයන්ගේ පාට භේදයක් බලන්නැතුව අනාගත දරුවො වෙනුවෙන් රට ඉතුරු කරමු. රටේ සම්පත් රැකගමු මං මේ ඇවිදින මංතීරු පවා රට වෙනුවෙන් කරපු හොඳ දේවල් ජනාධිපතිතුමා ගැන රටේ ජනතා වන අපි ලොකු බලාපොරොත්තුවක් තියා ගත්තා ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටුකරන මෙන් ඉල්ලා සිටිනවා ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලං කරන්න කාටවත් අයිතියක් නැත මගේ රටට තෙරුවන් සරණයි”

update..

මේ වන විට එම සටහන ඉවත් කර ගැනීමට ඇය විසින් කටයුතු කර තිබෙනවා

RECENT ARTICLES - SINHALA

වන විනාශය ගැන හොයන්න විශේෂ කණ්ඩායම්

දිවයින පුරා සිදුවන වන විනාශයන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි වන සං‍රක්ෂණ දෙපාර්තුමේන්තුව පවසනවා. වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන්...

ලෝකෙට ගැළපෙන නායකයා රනිල් – වජිර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට තීරණය කර අවසන් බවත්, එම ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ සිදු වන ඓතිහාසිකම ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂ...

සාදයක් අතරතුර වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණිය මරුට

මින්නේරිය පොලිස් වසමේ යාය 04, ගිරිතලේ ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි 17 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම තරුණිය පොළොන්නරුව රෝහලේ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...