33 C
Colombo
Saturday, May 4, 2024

ඉන්ධන, ආහාර හිඟය ගැන බොරු බියක් එපා..! -අගමැති

- Advertisement -

අවුරුදු සමය හේතුවෙන් ඉන්ධන සහ ආහාර හිඟයක් ඇතිවන බවට බොරු බියක් ඇති කර ගැණීමට අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ‘වාරි සෞභාග්‍යා’ වැඩසටහනේ දෙවැනි අදියරේ ආරම්භයට මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වෙමින්.

ජනතා දුෂ්කරතා තමන් නොදන්නා බව ඇතැමුන් සිතන බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“අපි දන්නවා අද දුෂ්කරතා රැසකට ජනතාව මුහුණදෙනවා. සමහරු හිතන් ඉන්නවා අපි මේවා දන්නේ නෑ කියලා. නොදන්නවා වගේ ඉන්නවා ද කියලත් අහනවා. ඒ නිසා තමයි අපි මේ වේලාවේ සර්ව පාක්ෂික සමුළුවක් පසුගිය දවසක කැඳවලා හැමෝගේම අදහස් අරගෙන මෙයින් ගොඩ එන විදියේ වේදිකායක් නිර්මාණය කරන්න අපි කටයුතු කළේ. කොවිඩ් වසංගතය අපි හිතලා නිර්මාණය කරපු එකක් නෙමෙයි. සමහරු ඒකත් අපි කරා කියලා ජනතාව උසිගන්වන්න හදනවා.

අපි සුදානම් හැමවේලාවේ ම විරුද්ධ පක්ෂයේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරන් ඉදිරියට යන්න. රටේ දේශපාලනය විතරක් කරන වේලාවක් නෙමෙයි මේක. මේ වෙලාවේ හැමෝම රට ගැන හිතලා වැඩ කළ යුතු වෙලාවක් කියලයි මං විශ්වාස කරන්නේ. මේ නිසා සර්ව පාක්ෂික සමුළුවට නාපු අයටත් ඊළඟ වතාවේ එක්වන්නැයි කියලා අපි ආරාධනා කරනවා. අවුරුදු සමය ළඟ ළඟ එනවා, හෙට අනිද්දාට ඉන්ධන නැතිවෙයි. ආහාර නැතිවෙයි කියලා බොරු බියක් ඇති කරගන්න ඕනේ නෑ.”

RECENT ARTICLES - SINHALA

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...