27 C
Colombo
Monday, April 29, 2024

තිසර අනුරුද්ධ බණ්ඩාරට ඇප හිමිවේ

- Advertisement -

තිසර අනුරුද්ධ බණ්ඩාර නම් සමාජ ක්‍රියාකාරී තරුණයා ඊයේ (01) රාත්‍රියේ මෝදර පොලීසියේ යැයි කියාගත් සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් පැමිණ රැගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් මෝදර පොලීසියෙන් විමසීමේදී එම තරුණයා පොලීසිය විසින් රැගෙන නොආ බවයි පවසා තිබුණේ.

කෙසේ නමුත්, පසුව, අතුරුදන්ව සිටි තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින බවට පොලීසියෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කර තිබෙනවා.

ඉන් පසුව, ඔහුව අධිකරණය හමුවට ගෙන ඒමෙන් අනතුරුවයි ඔහුව ඇප මත නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත්තේ.

නමුත්, ඔහුගේ දෙමාපියන් සහ නීතීඥවරුන් අධිකරණයේ රැඳී සිටියදී ඔහුව අධිකරණය වෙත ගෙන ඒමට පෙර ගම්පොළට රැගෙන ගිය බවට මාධ්‍යවේදීන් වාර්තා කර තිබුණා.

තිසර අනුරුද්ධ බණ්ඩාර අප්‍රේල් 03 විරෝධතාවය සංවිධානය කරන පුද්ගලයන්ගෙන් එක් අයෙක් වන අතර GoHomeGota2022 ෆේස්බුක් කණ්ඩායමේ ඇඩ්මින්වරයෙක් ලෙසද ක්‍රියාකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...