26 C
Colombo
Wednesday, May 1, 2024

වානේ කම්බි මිල අද නැවතත් ඉහළට

- Advertisement -

යළිත් වරක් වානේ කම්බි ටොන් එකක මිල රුපියල් 85,000 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මාර්තු මස 10 වැනිදා රුපියල් දෙලක්ෂ 54,500 කට පැවති වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 339,500 ක් බවට පත්ව ඇති අතර ඒ අනුව, මීට පෙර රුපියල් 1,040 කට අලෙවි වූ මිලිමීටර් 10 වානේ කම්බියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 1,268කටයි.

රුපියල් 1,500කට අලෙවි වූ මිලිමීටර් 12 වානේ කම්බියක් මේ වනවිට රුපියල් 1,887කට අලෙවි වන අතර, රුපියල් 2,725කට අලෙවි වූ මිලිමීටර් 16 වානේ කම්බියක් මේ වනවිට රුපියල් 3200කට අලෙවි කෙරෙනවා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මෙලෙස මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ. එසේම, මේ වනවිට වානේ කම්බි හිඟයක් වෙළෙඳපොළ තුළ පවතින බව ද වාර්තා වනවා.

මේ අතර, පසුගිය සිකුරාදා දේශීය වශයෙන් නිෂ්පාදිත සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා. ඒ අනුව රුපියල් 1,850 ක්ව පැවති කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 2,350කටයි.

RECENT ARTICLES - SINHALA

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...