අප්‍රේල් 18 වනදායින් පසු ගෝල්ෆේස් පිටියේ විරෝධතාවයෙහි නිරත වී සිටින පිරිස් එම ස්ථානයෙන් ඉවත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
විරෝධතාකරුවන් මේ වන විට එම භූමියේ කඳවුරු සංකීර්ණයක් ඉදිකරගෙන රැඳී සිටින අතර ජනාධිපති කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට දිනපතා දිවා රෑ උද්ඝෝෂණය කරමින් සිටියි.
එසේවෙතත් ඔවුන්ව අප්‍රේල් 18 වනදාට පසු එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජය සැලසුම් කරමින් සිටින බවයි ආරංචිමාර්ග පවසන්නේ.