33 C
Colombo
Sunday, May 5, 2024

ඩලස් හා සරත් ජනාධිපතිගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිකම් එපා කියයි

- Advertisement -

ජනාධිපතිවරයාගේ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයක් භාර නොගන්නා බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ තරුණ අමාත්‍ය මණ්ඩලයක් කඩිනමින් පත්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය ද කැබිනට් අමාත්‍ය ධුර භාර නොගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලැබෙන තුරු රජයේ කිසිදු තනතුරක් භාර නොගැනීමට සිය පක්ෂය තීරණය කර ඇති බවයි.

මේ අතර, නව අමාත්‍ය මණ්ඩලයේ කිසිදු තනතුරක් නොගැනීමට තමා තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ද පවසනවා.

නව අමාත්‍ය මණ්ඩලය අද (17) හෝ හෙට (18) දිවුරුම් දෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...