32 C
Colombo
Saturday, May 4, 2024

කපුටා නිසා ආණ්ඩුව අමාරුවේ වැටුනා..! – විමල්

- Advertisement -

රජය විසින් වත්මන් යථාර්ථයට හිස නැමිය යුතු බවත් එසේ නොකළහොත් මහජනයා ප්‍රචණ්ඩත්වය කරා යෑම සම්බන්ධ වගකීම රජය විසින් භාරගත යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ඒ, අද (20) දින පාර්ලිමේන්තුව අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“අපි කවුරුත් ඉතාම කම්පනයට පත්වෙන තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. මහ පාරවල් වහගෙන මිනිස්සු පාරට බැහැලා. රටම ඇණහිටලා. මේ වගේ තත්ත්වයට යාමේ අර්බුදය ඔය පිටිපස්සට වැටිලා ඉන්න නාමල් රාජපක්ෂ ඇතුළු හැමෝගෙම හෘද සාක්ෂිය දන්නවා.

ඔය තිබුණු ඇමති මණ්ඩලය ඇතුලේ මේ අවදානම අපි පෙන්වලා දුන්නා. තමුන්නාන්සෙලා ගෙනාපු ද්විත්ව පුරවැසියා නොහොත් කපුටා ඒ සියල්ල බැහැර කරලා ආර්ථිකය සුව පහසු තැනකට යනවා කියන එක පෙව්වා.

තමුන්නාන්සේලා කපුටාගේ ක්‍රියාව පිළි අරගෙන හිටියා. අද ජේෂ්ඨ කට්ටියට හතර ගාතේ දාලා පස්ස පැත්තෙන් වැටෙන්න සිද්ධවුණා.

මාර්තු 3 වෙනිදා මාවයි ගම්මන්පිලවයි අයින් කළා. බොහොම ස්තූතියි. අප්‍රේල් තුන් වැනිදා වෙනකොට පෙරේතයා පොලේ ගැහුවා වගේ අර කපුටත් නෑ. අපිට පහරදුන්නට අපි ඒ විදිහට පහරදෙන්නේ නැ. අදවත් කරුණාකරලා යථාර්ථයට හිස නමන්න.. නැත්නම් මහජනයා ප්‍රචණ්ඩත්වය කරා යන එකට වගකීම බාරගන්න.”

RECENT ARTICLES - SINHALA

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...