27.6 C
Colombo
Monday, May 20, 2024

කංචනගේ ගෙරවීම් නොතකා බවුසර් වර්ජනයේ

- Advertisement -

ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වෙමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ගෙවීම් ඉහළ නංවන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ආරම්භ කළ බව එම සංගමයේ සම ලේකම් ඩී.වී.ශාන්ත සිල්වා මහතා සදහන් කරනවා.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ, සේවයට වාර්තා නොකරන ඉන්ධන ප්‍රවාහන බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කර ඇති බවයි.

එසේම, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබා නොදුන් සහ ලබා ගැනීමට නොහැකි වූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමටත් උපදෙස් ලබාදුන් බව අදාළ නිවේදනයේ සදහන් වුණා.

ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් සහ භූමිතෙල් තොග වෙළඳපොලට අඛණ්ඩව නිකුත් කරන අතර, එම ඉන්ධන ප්‍රමාණවත් තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවද අමාත්‍යවරයා සදහන් කරනවා.

කෙසේවෙතත් අමාත්‍යවරයාගේ මෙම නිවේදනය නොතකා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන් මේ වන විටත් වර්ජනයේ නිරත වනවා.


RECENT ARTICLES - SINHALA

පලිබෝධනාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්

මෙවර යල කන්නය සඳහා  දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම  ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ...

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

අධික වැසි සමග කැළණි, කළු, ගිං, සහ නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි කාලසීමාව තුළදී සැළකිය...

බීඩිකොළ සමඟ ලොරියක් පැහැරගත් පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

පුත්තලම නගරයේදී දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්දියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...