25 C
Colombo
Sunday, May 19, 2024

නියෝජ්‍ය කථානායක ධුරයට ඉමිතියාස්ගේ නම යෝජනා වෙයි

- Advertisement -

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්ගේ නම යෝජනා කළ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී තමන් එම යෝජනාව සිදුකළ බවයි හර්ෂණ රාජකරුණා පවසන්නේ.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඉමිතියාස් බාකිර් මාකර් පත් කිරීම සම්බන්ධයෙන් කණ්ඩායම් රැස්වීමේදී කිසිවකුත් විරෝධය පළ නොකළ බවත් ඔහු පවසනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඉමිතියාස් බාකීර් මාකාර් එකගනම් පමණක් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත් හර්ෂණ රාජකරුණා මහතා තවදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...