30 C
Colombo
Saturday, May 4, 2024

විමල්ගේ හෝකන්දර නිවසේ ගිනි

- Advertisement -

රාජපක්ෂ ආණ්ඩුවේ සිට දොට්ට දැමීමෙන් අනතුරුව ව්‍යාජ ආණ්ඩු විරෝධයක් මවාපෑ විමල් වීරවංශගේ නිවසටද විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා.

එම ගින්නෙන් නිවසට අලාභ හානි රැසක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මුදල් අමාත්‍ය අලි සබ්රිගේ නිවසද ගිනි තබා විනාශ කර තිබෙනවා.

මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විමල් වීරවංශ පැවසුවේ ස්ථිර නොවූ සේවකයන් ස්ථිර නොකරන බවට තර්ජනය කර අද අරලියගහ මන්දිරය වෙත කැඳවාගෙන විත් ඇති බවයි.

“මේ සිද්ධි ඔක්කොම වුණාට පස්සේ ඉල්ලා අස්වෙන එක නෙමෙයි. මේවා මෙතෙන්නට එන්නට කලින් ඉල්ලා අස්වෙන්න නොදුන්නේ කවුද ? අද ඔය අරලියගහ මන්දිරයට කැඳවපු මිනිස්සුන්ට උද්වේගකර ආවේගශීලි කතා පවත්වලා ප්‍රචන්ඩත්වයට පෙළඹෙව්වේ කවුද ? ජොන්ස්ටන් අමාත්‍යවරයා ඇතුළු කල්ලියක් තමයි බැසිල් රාජපක්ෂගේ උපදෙස් හා මඟපෙන්නවීම මත හොරාකාපු සල්ලි වියදම්කරගෙන තමයි. ඒ තමන්ගේ පාක්ෂිකයා උසිගන්වලා, කුළු ගන්නවලා අර අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබෙන ඒ විරෝධතාකරුවන් එළවලා දාන්නත්, පහරදෙන්නත්,  ඒ වගේම ගාලුමුවදොරට ගිහිල්ලා පහර දෙන්නත්… මොරටුව නගරාධිපති සමන්ලාල් බස් 4කින් සෙනඟ ගෙනිල්ලා තියෙනවා. ඒ බස් 4ම ඉඳලා තියෙන්නේ මොරටුව නගර සභාවේ දවසේ දීමනාවට වැඩකරන ස්ථිර නොවූ සේවකයින්. ඒ මිනිස්සු යන්න කැමතිවෙලාත් නැහැ. උඔලාව මම ස්ථිරකන්නේ නැහැ ආවේ නැත්නම් කියලා තමයි බස්වල පටවාගෙන ගිහින් තියෙන්නේ. දැන් ජොන්ස්ටන් ඇවිල්ලා ඒ අය බේරගන්නවාද ? දැන් මහින්ද රාජපක්ෂ ඇවිල්ලා ඒ මිනිස්සු බේරගන්නවාද ? තමන්ගේ පාක්ෂිකයෝ ඇවිත් ගුටිකන තත්ත්වයට එනකන් මොකද හිටියේ ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න. ඒකද නායකයා කියන්නේ. අයින්වෙන්න ඕන තැනදී අයිවෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හැකියාව නැතිනම් ඔවුන් නායතයෝ නෙමෙයි. මළ පෙරේතයෝ. අපි මේ අවස්ථාවේදී දණ නමස්කාර කරලා. වැඳලා ඉල්ලන්නේ. සෑම පාර්ශවයකින්ම සාමකාමී වෙන්න. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ, එතනට ඒ අයව ක්‍රියාත්මක කරපු ජොන්ස්ටන් ප්‍රානාන්දුලාව දක්වා අත්අඩංගුවට අරගන්න ඕනේ.”


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...