33 C
Colombo
Saturday, May 4, 2024

ශ්‍රී ලංකා රජයේ බලහත්කාරී ආදාහනයට එරෙහිව බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් නීතිමය පියවර

- Advertisement -

ශ්‍රී ලංකා රජය විසින් සිදුකරනු ලබන බලහත්කාරී ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියට කොව්ඩ් 19 ආසාදනය වීමෙන් මියගිය දින 20 ක බිළිදෙකු සහ මුස්ලිම්වරුන් 100 දෙනෙකු පමණ ඇතුළත්ව ඇතිබව විශ්වාස කටයුතු තොරතුරු මගින් තහවුරුව ඇති බව බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරනවා.
මෙයට ප්‍රතිචාර දැක්වීම සදහා බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලයේ සහකාර මහලේකම් සාරා මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතන, නීතිඥයින්, වෛද්‍ය විශේෂඥයින් සහ සමාජ ක්‍රියාකාරී නායකයින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.
මෙම කාර්ය සාධක බලකාය විසින් විදේශ ලේකම්වරයාට සහස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට ලිපියක් මගින් දන්වා ඇත්තේ මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවට බලපෑම් සිදුකරන මෙම බලහත්කාරී ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය හැකි ඉක්මනින් ඉවත්කරගන්නා ලෙසයි.
ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ නීති සමාගමක් වන Bindmans LLP හී හවුල්කරුවෙකු වන තයාබ් අලී මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.


“ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම සුළුතර කණ්ඩායමකගේ ආගමික නිදහස බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි. පවුලේ සාමාජිකයෙකුගේ දේහය නියමිත වේලාවට භූමදානය කිරීම සඳහා ප්‍රමාද කිරීමද ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමකි. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා බලධාරීන් කිසිදු සාධාරණීකරණයකින් තොරව කොවිඩ් 19 වෛරස වසංගතය අතරතුර මළ සිරුරක් ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයෙන් ඉවත් වී ඇත. ඊට අමතරව, මියගිය අයගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩිනමින් හා අසාධාරණ ලෙස බැහැර කිරීම ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුලුතරයට දිගින් දිගටම හිංසා පීඩා කිරීමකි. මෙම කාරණය විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ හදිසි අවධානයට යොමු කිරීමට අපි දැන් සූදානම්ව සිටිනවා.”

බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සිය නිල වෙබ් අඩවියෙහි සදහන් කරන්නේ බලහත්කාරයෙන් ආදාහනය කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය ව්‍යවස්ථා විරෝධී වන බවත් එයින් මියගිය අයගේ පවුලේ සාමාජිකයන්ද හානියට පත් කරන බවයි.
එබැවින් මෙම ප්‍රතිපත්තිය වහාම ආපසු හරවන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යාන්තර ප්‍රජාව ඉල්ලා සිටීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් වන බවද ඔවුන් සදහන් කරනවා.
මෙම මානව හිමිකම් උල්ලංඝණය කිරීම අවසන් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය විසින් පිහිටුවා ඇති කාර්ය සාධක බලකාය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද එම වෙබ් අඩවියේ සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් මෘතදේහ භූමිදානය සම්බන්දයෙන් මෙරට ඇතැම් පාර්ශවයන් දැඩි විරෝධයක් පලකරනවා.
ඒ සම්බන්දයෙන් සෘජු තීරණයක් ගන්නා ලෙස රජයට බලකරමින් පසුගියදා භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසක් උද්ඝෝෂණයකද නිරත වුණා.

කොව්ඩ් 19 ආසාදිතව මියගිය දින 20 ක් වයසැති බිළිදු දරුවා දෙමාපියන්ගේ අකමැත්ත මත ආදාහනය කිරීම පිළිබදව Channel 19 නාළිකාව ගෙන ආ වාර්තා වැඩසටහන පහතින්,

RECENT ARTICLES - SINHALA

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...