මුදල් අමාත්‍යංශයේ සේවය කරන තවත් නිලධාරීන් 75 ක් වෙනත් ස්ථානවලට මාරු කර යැවීම සදහා අදාල නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් මේ වන විට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය වෙත යවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාල නිලධාරීන්ව වෙනත් ස්ථානවලට මාරු කර, එම පුරප්පාඩුවල වෙනත් පුද්ගලයන්ව පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත් මීට පෙරද මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ගණනාවක් මෙසේ මාරු කර යවා තිබුණි.