25 C
Colombo
Tuesday, April 30, 2024

බයිඩන් අලුත් ගමනක

- Advertisement -

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජූලි 13 සිට 16 දක්වා බටහිර ආසියාවේ රටවල තෙදින සංචාරයක නිරත වන අතර එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් අතර අතථ්‍ය සමුළුවක් පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ.

එක්සත් ජනපද පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ ඉන්දියාව සහ ඊශ්‍රායලය සඳහා “I”, එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා “U” ලෙස නව කණ්ඩායම “I2U2” ලෙස හඳුන්වනු ඇති බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මොරොක්කෝව සහ බහරේනය සමඟ ඇති කර ගත් ඒබ්‍රහම් ගිවිසුම් හරහා ඊශ්‍රායලය කලාපයට වැඩි වැඩියෙන් ඒකාබද්ධ වීම කෙරෙහි මෙම සංචාරයේ දී අවධානය යොමු වනු ඇතැයි සඳහන් වේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඊශ්‍රායලයට ගොස් සිටියදී ද රටවල් හතරේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් පැවැත්විණි.

එකල එය හැඳින්වූයේ ‘ආර්ථික සහයෝගීතාව සඳහා වූ ජාත්‍යන්තර සංසදය’ යනුවෙන් වන අතර මෙවර රැස්වීම රාජ්‍ය ප්‍රධානීන්ගේ මට්ටමින් සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...