33 C
Colombo
Thursday, May 2, 2024

සජබය හෙට කොළඹට..!

- Advertisement -

වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් හෙට පස්වරු 04 ට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

සියලු දේශපාලන නායකයින්ද මේ සදහා එක්විය යුතු බවයි අද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාද එක්වුණා.

පාලකයින් ගෙන ඇති වැරදි තීන්දු තීරණ හේතුවෙන් ජනතාවට පීඩාවට පත්වීමට සිදුව ඇති බවයි එහිදී ඔහු සදහන් කළේ.

මේ අතර, කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවන මාර්ගයක් අවහිර කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (28) දින සිය විරෝධය පළ කළා.

මෙලෙස මාර්ග අවහිර කිරීමට කිසිඳු අවසරයක් පොලීසියට නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එහිදී පෙන්වා දුන්නේ.

ජනතා මේ අවස්ථාවේ එක්ව අවදිවිය යුතු බවත් මේ අවස්ථාවේ ජනතාව විඳින පීඩාව වෙනුවෙන් සියලුම දෙනා එක්විය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා


RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...