27 C
Colombo
Monday, April 29, 2024

උපත් අනුපාතය වැඩිකිරීමට බලහත්කාරය පාන බවට චීනයට චෝදනා

- Advertisement -

චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රම බලකායේ ප්‍රමාණය වැඩි කිරීමේ අරමුණින්, අඩුවෙමින් පවතින ජනගහනයට බාධකයක් තැබීම සඳහා, රටේ උපත් අනුපාතය වැඩි කිරීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම චීනයේ විවිධ ආකාරවලින් ක්‍රියාත්මක වන බවත් බලහත්කාරයෙන් උපත් අනුපාතිකය වැඩි කිරිමේ ක්‍රමය එහි එක් ප්‍රධාන උල්ලංඝණයක් බවත් විශේඥයෝ පෙන්වා දෙති.

බලහත්කාර උපත් පාලන ක්‍රම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව ඇම්නෙස්ටි ජාතයන්තර ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර, මිනිසුන් හට කොපමණ දරුවන් සංඛ්‍යාවක් සිටිනවාද යන්න නියාමනය කිරීමට රජයට නොහැකි බව හොංකොං පෝස්ට් පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ, බීජිං නව ජනගහන සහ පවුල් සැලසුම් නීතියක් නිකුත් කරන ලද අතර එය චීන යුවලකට දරුවන් තිදෙනෙකු ලැබීමට ඉඩ සලසනු ලැබීය.

කෙසේවෙතත්, ඉහළ යන වියදම් හේතුවෙන් අමතර දරුවන් ලැබීමට ඔවුන් අකමැත්තක් දක්වන බව සදහන් වේ.

2020 දී දශකයකට වරක් සිදු වූ සංගණනයෙන් පසුව තුන්වන දරුවාට අවසර දීමේ තීරණය ක්‍රියාත්මක කරන ලද්දේ චීනයේ ජනගහනය ඉතිහාසයේ මන්දගාමීම වේගයකින් අඩු වී බිලියන 1.412 ක සෘණ ජනගහන වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙනි.

සංගණන දත්තවලට අනුව, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් මිලියන 264 දක්වා සියයට 18.7 කින් වැඩි වීමත් සමග චීනයේ ශක්තිමත් ශ්‍රම බලකායට බලපෑම් එල්ල වී ඇති බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...