28 C
Colombo
Sunday, May 5, 2024

ධම්මික පෙරේරා සහ චීන තානාපති අතර හමුවක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ චීන ආයෝජන යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘති ප්‍රවර්ධනය කිරීමටත් ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙනුත් අදහස් හුවමාරු කරගත් බවයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ.

මේ අතර, ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් මෙරටට ලබා දීමට නොහැකි බව චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් (Qingdao Seawin Biotech) සමාගම දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග පසුගියදා වාර්තා කළා.

යම් හෙයකින් ප්‍රතික්ෂේප කෙරුණු පොහොර තොග ශ්‍රී ලංකාව විසින් භාර නොගන්නේ නම්, ඒ වෙනුවෙන් වන්දියක් පවා ගෙවීමට සිදුවනු ඇතැයි ඔවුන් අනතුරු අඟවා ඇති බවත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...