28.2 C
Colombo
Saturday, April 27, 2024

අසූචි පොහොර නැව භාර ගන්නැයි චීනයෙන් නැවතත් තර්ජන.!

- Advertisement -

ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් මෙරටට ලබා දීමට නොහැකි බව චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් (Qingdao Seawin Biotech) සමාගම දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවකදී එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම මේ පිළිබඳව දැනුම්දී ඇති බවත් යම් හෙයකින් ප්‍රතික්ෂේප කෙරුණු පොහොර තොග ශ්‍රී ලංකාව විසින් භාර නොගන්නේ නම්, ඒ වෙනුවෙන් වන්දියක් පවා ගෙවීමට සිදුවනු ඇතැයි ඔවුන් එහිදී අනතුරු අඟවා ඇති බවත් සඳහන්.

ප්‍රතික්ෂේප වූ පොහොර තොගය වෙනුවට නව පොහොර තොගයක් ලබාදිය නොහැකි බව චීන සමාගමේ මෙරට නියෝජිතයා දැනුම් දී ඇති අතර සිය සමාගම ලබා දෙන පොහොර තොගය භාර නොගෙන ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සමාගම අපකීර්තියට පත් කළා සේ සලකන බවත් ඔවුන් පෙන්වාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තමන් වෙත පැවසූ බවට හිරු පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අයුරින් චීන සමාගම අපකීර්තියට පත් කිරීමක් ලෙස සැලකුවහොත් ඊට අදාලව වන්දි ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් ගෙවීමට සිදුවනු ඇතැයි ද මෙරට නියෝජිත සමාගම කෘෂිකර්ම අමාත්‍යංශ බලධාරීන්ට පෙන්වා දී ඇති අතර එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දෙරට අතර පවතින මිත්‍රශීලී ගනුදෙනු සඳහා ඇති කරනු ලබන සෘණාත්මක බලපෑම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත්තේ චීන පොහොර සමාගමේ දේශීය නියෝජිත සමාගම කළ අනතුරු ඇඟවීම අනුවයි.

ප්‍රතික්ෂේපිත චීන පොහොර නැවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල මේ වන විට ගෙවා අවසන්.

නමුත් මේ වන තුරුත් ගෙවූ මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැහැ.

හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ප්‍රතික්ෂේපිත පොහොර නැව වෙනුවට අලුතින් පොහොර නැවක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වන බව පැවැසුවද, මේ වන විට රට පත්ව ඇත්තේ මුදල් ගෙවා පොහොරත් නොලබා වන්දිත් ගෙවීමට සිදුවන තත්වයකටයි.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...