26 C
Colombo
Tuesday, April 30, 2024

ජැක්සන් අනතුරට ලක් කළ අලියා තවමත් අතුරුදහන්..!

- Advertisement -

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් රියෙහි ගැටුණු අලියා සම්බන්ධයෙන් සොයාබැලීමට වනජීවී දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් යොමුකර ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්.

එම අනතුර සිදුවූ ප්‍රදේශය අවටින් මෙතෙක් තුවාල ලැබූ අලියකු පිළිබඳ වාර්තා වී නොමැති බවත්, එබැවින් අදාළ අලියා සුවයෙන් ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

එම අනතුරට මුහුණ පෑ අලියා ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍යවල පළවන්නේ ඉන්දියාවේ දුම්රියක හැපුණු අලියකුගේ ඡායාරූප බව ද ඇමති මහින්ද අමරවීර මහතා පවසනවා.

දැනට අනතුරට ලක්වූ අලියා බව කියන අලියකු ගැන තොරතුරක් ලැබී ඇති බවත්, ඒ තොරතුරු සම්බන්ධයෙන් ද සොයාගෙන යන බවත් ඇමතිවරයා පැවසීය.

අනතුරට ලක්ව තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව කී ඇමතිවරයා අනතුර සම්බන්ධයෙන් ද අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි ද ප්‍රකාශ කර සිටියා.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...