25 C
Colombo
Tuesday, April 30, 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මට නඩු 8ක් තිබෙනවා..! – සිරිසේන 

- Advertisement -

තමන් පාස්කු ප්‍රහාරයේ චූදිතයෙකු කිරීමේ උත්සාහය දේශපාලන කුමන්ත්‍රණයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, අද (05) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්,

“එතුමා කිව්වා අනුර දිසානායකත් බෑ කියනවා, සජිත් ප්‍රේමදාසත් බෑ කියනවා, මෛත්‍රීපාල සිරිසේනත් බෑ කියනවා කියලා. අපි මීට මාස 06කට පෙර ඉඳලා. ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්නයි කියලා ඉල්ලීමක් කළා සාකච්ඡා කළා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ඒ සර්වපාක්ෂික ආණ්ඩුවේ වගකීම් ගන්න අපි සූදානම් කියලා අපි ජනාධිපතිතුමාටත් කිව්වා රටටත් කියල තියෙනවා මම මේ පාර්ලිමේන්තුවේත් කියල තියෙනවා.

දෙවැනි කාරණය තමයි ඔබතුමා පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසමේ නිර්දේශය ගැන කිව්වා මේ නිර්දේශය මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තේම ඉන්න අය අවුරුදු දෙකක් තුනක් කතාකරලා තියෙනවා. හැබැයි ඒ නිර්දේශයට නඩු දාන්න පුළුවන් නම්. මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව ගරු මන්ත්‍රීතුමනි නඩු දැමිය යුතුයි. මට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මානව හිමිකම් නඩු 8ක් තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ, මගෙන්, හිටපු අගමැතිතුමාගෙන්, හිටපු පොලිස්පතිතුමාගෙන්, හිටපු ආරක්ෂක ලේකම්, ඒ සියලු දෙනාගෙන් වන්දි ඉල්ලලා නඩු 400කට කිට්ටුව තියෙනවා මීගමුව උසාවියේ මහාධිකරණ දෙකකත් කොළඹ මහාධිකරණයේත් තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසම පත්කෙරුවේ මම, එහි තිබෙන නිර්දේශයේ බොහොම පැහැදිළිව කියන්නේ මම මේ සම්බන්ධයෙන් මේ ප්‍රහාරය එනවයි කියලා දන්නවා ඇති කියලා ඒගොල්ලෝ උපකල්පනයක් කරනව කියල තමයි ඒගොල්ලෝ කියන්නේ. එතකොට ඒත් එක්කම ඒගොලොන්ට පුළුවන් එහෙමනම් මේකට නඩු දාන්න පුළුවන්.

දැන් මම අපි පැහැදිළිවම කියනවා අපිට මේ තරම් නඩු ගණනාවක් තියෙනවා නම්. එහෙමනම් පාස්කු කොමිසමේ නිර්දේශ අනුවත් අපිට නඩු වැටෙන්න ඕන. නමුත් ඒ නිර්දේශය අනුව එකම නඩුවක් වත් නෑ. තිබෙන්නේ මානව හිමිකම් සහ වන්දි ඉල්ලීම් පිළිබඳව නඩු තමයි තියෙන්නේ. ඒක නිසා මේ නිර්දේශය කොමිෂන් සභාවේ මගේ නීතිඥවරුන්ගේ උපදෙස් අනුව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ඒ නිර්දේශය. ඒ වගේම කිසිසේත්ම මේකට මම චූදිතයෙක් කියන එක කොහෙත්ම මම පිළිගන්නෙත් නෑ. මම ඒක ප්‍රතික්ෂේප කරන බව කාරුණිකව කියන්න ඕන.

මනූෂ නානායක්කාර මැතිතුමා සඳහන් කරන කාරණාවේදී මම බොහොම පැහැදිළිව කියන්න ඕන. ඒ නිර්දේශ සම්බන්ධයෙන් ගෙන ගිය ප්‍රචාරත් ඒ සම්බන්ධයෙන් ඇතිකළ මතයත් සම්පූර්ණ වැරදි මතයක්. මේ තියෙන නිර්දේශවල තිබෙන ආකාරයට මේ නිදෙශවල කිසිතැනක මට නඩු දැමීම සම්බන්ධයෙන් ඒගොලොන්ගේ ස්ථිර නිගමනයක් ඉදිරිපත්කරලා නෑ. එහෙමනම් මේ වනවිට නඩු දාන්න පුළුවන් කම තිබුණා. ඒ නිසා මේක මේ මගේ ඇඟේ ගහන්න සූදානම් වුණාට මේ පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයට අද වෙනකල් හිරේ ඉන්න අත්අඩංගුවට ගත්ත බරපතළ ත්‍රස්තවාදීන්ට මේ වෙනකල් තවම නඩු දාලා නෑ විශාල පිරිසකට.

එතකොට ඒ ත්‍රස්තවාදීන්ට නඩු දාන්නේ නැතුව මේ ලෝකේ කොහේවත් රටක ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවුණාම ඒ රටේ රාජ්‍ය නායකයාට නඩු දාලා නෑ. අමෙරිකාවේ සැප්තැම්බර් 11 සිද්ධියේදී ජනාධිපතිවරයට තියා 50,000 මැරිලා ආරක්ෂක හෝ බුද්ධි අංශවලටවත් නඩු දැම්මේ නෑ. ලෝකේ රටවල් 27කට අපේ රටටත් එක්ක පාස්කු ප්‍රහාරය ඇතිවුණා. ලෝකේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් මේ සම්බන්ධයෙන් වැරදිකාරයෙක් කරලා නඩුවක් දාලා නෑ.මේක සම්පූර්ණයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක්. මේකට මාව චූදිතයෙක් කිරීම කියන එක මම බොහොම පැහැදිළිව කියනවා.”

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...