33 C
Colombo
Friday, May 3, 2024

ගෝඨාට සිංගප්පූරුවටත් පනින්න බැරි වෙලා

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය ANI පුවත්සේවය සදහන් කරන්නේ සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණද ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එය මගහැරී ඇති බවයි.

ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මාලදිවයිනේ සිට ඊයේ (13) රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට පෞද්ගලික ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ජනාධිපතිවරයා මාලදිවයිනට පැමිණීමට එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ මාලේ අගනුවර විරෝධතාවයක ද නිරත වුණා.

එහිදී එක් පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගෝඨාභය රාජපක්ෂ හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේද නීතිය හා සාමය බරපතල අර්බුදයකට ලක්ව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...