25 C
Colombo
Sunday, May 19, 2024

තැන් 4 ක් දෙන්නම්. එතන ඉදන් උද්ඝෝෂණය කරන්න – ජනපති

- Advertisement -

මින් ඉදිරියට විරෝධතාකරුවන් හට ප්‍රචණ්ඩත්වයෙන් තොරව අරගල කිරීම සඳහා ස්ථාන 4 ක් වෙන්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ අනුව විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය වැනි කොළඹ බලප්‍රදේශය තුළ පිහිටි පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ පසුගිය සිකුරාදා (22) රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග කොළඹ දී පැවති හමුවේදීයි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යන දෙකම වත්මන් රජය විසින් තහවුරු කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපළ වෙනත් අරමුණු සඳහා භාවිත කිරීමට විරෝධතාකරුවන්ට අවසර ලබානොදිය යුතු බවට ඇමරිකානු සිවිල් නිදහස් සංගමය ලබාදුන් උපදෙස්වල සඳහන් බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරය තුළ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ව දීර්ඝ වශයෙන් දැනුවත් කළ බවද නිවේදනයේ සදහන්.

‘ගෝඨාගෝ ගම’ විරෝධතා අඩවිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ කරුණු අසත්‍ය බවත්, එය ආරක්ෂක අංශ විසින් ඉවත් කර නොමැති බවත් මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හට පැහැදිළි කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...