33 C
Colombo
Friday, May 3, 2024

ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑ..! – නව අගමැති දැඩි වෙයි

- Advertisement -

ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන රජයක් ලෙසින් මහජන විරෝධතාවයන්ට සවන්දෙන්න සුදානම් වුවත් ත්‍රස්තවාදී කටයුතු පිළිගත නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ, අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව අග්‍රාමාත්‍යවරයා,

“ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන රජයක් විදියට මහජන විරෝධතාවයන්ට සවන්දෙන්න සුදානම්. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයන්ට සවන්දෙන්න සුදානම්. අවිහිංසාවාදීව කටයුතු කරන ජනතාවගේ අවිහිංසාවාදී හඬට රජයක් හැටියට අපි එක්ව කටයුතු කරනවා. නමුත් ත්‍රස්තවාදීව කටයුතු කිරීම පිළිගන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ලොකුව තර්ජනය ත්‍රස්තවාදය බවට පරිවර්තනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි සහාය නොවනු ඇතැයි විශ්වාස කරනවා. විවිධ දේශපාලන මත දරන්න පුළුවන්. ප්‍රශ්නයන්ට විසඳුම් සෙවීම සඳහා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එසේ කටයුතු කරන්න පුළුවන්කම ඇති වෙනවා. අපේ රටේ ජනතාව තීරණ රැසක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒ අතර ආණ්ඩු පෙරළි බවට පත්කරලා තියෙනවා. ඒ වගේම මහජන ආණ්ඩුවලට බලකරලා විශාල පරිවර්තනයක් ඇති කරලා තියෙනවා.”


RECENT ARTICLES - SINHALA

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...