27 C
Colombo
Monday, May 6, 2024

ජනාධිපති මන්දිරයෙන් හමුවූ මුදල් කෝ..? – අධිකරණය පොලිසියෙන් විමසයි

- Advertisement -

ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන් විසින් සොයාගෙන පොලීසියට භාරදී තිබූ මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද (28) නියෝග කෙරිණි.

පසුගිය 09 වනදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ දී ඒ තුළ තිබී මෙම මුදල් සොයාගෙන තිබුණු අතර පසුව අරගලකරුවන් විසින් එම මුදල් පොලීසියට භාරදී තිබූ අතර අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ එම මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඉකුත් 09 වනදා ජනාධිපති මන්දිරයේ සිටි අරගලකරුවන් විසින් රුපියල් එක්කෝටි හැත්තඅට ලක්ෂ පනස්දහසක මුදලක් එලෙස කොටුව පොලීසිය වෙත භාරදී ඇති බව කොටුව පොලීසිය අධිකරණයට දන්වා තිබුණි. එසේ භාරදී සති තුනක් ගතවී තිබුණද එම මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එලෙස නියෝග කෙරිණි.

මේ අතර ජනාධිපති මන්දිරය තුළට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හතර දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපමත මුදාහරින ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි. එම සැකකරවන් සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව පොලීසිය දන්වා සිටියේ ජනාධිපති මන්දිරය තුළ තිබී හමුවූ මුදල් පිරිසක් විසින් ගණන්කරමින් සිටි ස්ථානයේ මෙම සැකකරුවන් ද සිටි බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවය.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...