29 C
Colombo
Thursday, May 2, 2024

අක්කාට කුඩු බොන්න නංගිව 15,000 කට විකුණලා

- Advertisement -

හෙරොයින් පානය කිරීම සඳහා තම 15 හැවිරිදි නැගණියව රුපියල් 15000 ක මුදලකට සහ හෙරොයින් ග්‍රෑම් 01කට අලෙවි කළ කාන්තාවක් මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති මෙම 26 හැවිරිදි එක්දරු මවක්ද වන කාන්තාව හෙරොයින් ජාවාරම්කරුවකුට තම නැගණිය අලෙවි කර ඇති අතර මෙම ජාවාරම්කරුවද හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලීසිය පවසනවා.

ඔවුන්ගේ මවද හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවක් මත මේ වන විට බන්ධනාගාරගතව සිටින බවයි පොලීසිය සදහන් කරන්නේ.

බටහිර නිල්පනාගොඩ පදිංචි අදාළ සැකකරු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට ලද තොරතුරක් මත ඔහුගේ නිවස වැටලීමේදී එහි සිට මෙම දැරියද හමුව තිබෙනවා.

මෙම දැරිය කවුරුන්දැයි පොලීසිය විමසීමේදී සැකකරුගේ මව විසින් දැරියගේ සහෝදරිය ඇයව මෙම පුද්ගලයාට මුදලට විකුණූ ආකාරය අනාවරණය කළ බව පොලීසිය සඳහන් කරනවා.

අනතුරුව සැකකාර කාන්තාව සිටින නිවසට ගොස් ඇයවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...