තලේබාන් බුද්ධි අංශ විසින් පසුගියදා ගුවන්විදුලි නිවේදකයකු සහ ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවෙකු වන ඇලවුදීන් අර්කින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන්ගේ මධ්‍යස්ථානය (AFJC) උපුටා දක්වමින් කම්මා ප්‍රෙස් වාර්තා කළේ ෆරියාබ් පළාතේ තලේබාන් බුද්ධි අංශ විසින් ඇලවුදීන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
‘මාධ්‍ය තුළ වැඩ කරන්නේ කෙසේද’ යන වැඩසටහනක් විකාශනය කිරීම නිසා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
ඔහු රඳවා තබා ගැනීමට හේතුව තලේබාන් බුද්ධි අංශ විසින් සඳහන් කර නොමැති බව එරට වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.