33 C
Colombo
Friday, May 3, 2024

ගෝඨාභයගේ බියර් වීදුරුව රැගෙන ගිය පුද්ගලයාත් අත්අඩංගුවට

- Advertisement -

ජුලි 09 වනදා පැවති මහජන විරෝධතාවයේදී කොටුව ජනාධිපති නිල නිවසේ තිබූ බියර් වීදුරුවක් එකක් සොරකම් කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 46 හැවිරිදි රංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පෑස්සුම් කර්මාන්තයේ නිරත වන පුද්ගලයෙක්.

මෙම පුද්ගලයාව කුරුණෑගල ප්‍රදේශයේදී වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

සැකකරු තවත් මිතුරන් දෙදෙනකු සමඟ ජුලි 09 වැනිදා ගාලුමුවදොර විරෝධතාවයට සහභාගී වී ඇති අතර අනතුරුව ජනාධිපතිවරයාගේ නිවසේ තිබූ බියර් බෝතලයක්ද එම පිරිස සන්තකයට ගෙන එම පරිශ්‍රයේ තිබී සොයාගත් බියර් වීදුරු භාවිත කර මත්පැන් පානය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

පසුව ඔහු ගෝඨාභය රාජපක්ෂ සිහිවීම සඳහා අදාළ බියර් වීදුරුව නැවතත් සිය නිවස වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවසේ මිතුරන් සමඟ බියර් මග් එක සමඟ ගත් ඡායාරූපයක් ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ පලකර ඇති බවද පොලීසිය පවසනවා.

ජනාධිපතිවරයාගේ නිවසට නීතිවිරෝධී ලෙස ඇතුළුවීම සහ නීතිවිරෝධී ලෙස භාණ්ඩ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී ඇති අතර, අදාළ බියර් වීදුරුව මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා මත්පැන් හෝ මස් මාංශ අනුභව නොකරන පුද්ගලයෙක් බවයි ජනාධිපතිවරණයට පෙර සිටම ප්‍රචාරය කෙරුණේ.

එවන් තත්ත්වයක් තුළ ජනාධිපති මන්දිරය තුළ බියර් බෝතල් රැස්කර තිබීම උභතෝකෝටික තත්ත්වයක් වනවා.


RECENT ARTICLES - SINHALA

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...