28 C
Colombo
Friday, May 3, 2024

අරගලයේ පිහිටෙන්ම ජනාධිපති වෙච්ච රනිල්ට දැන් අරගලය නරක ද? – දමිතා

- Advertisement -

නීතිය රැකීමට සිටින පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ට ජන අරගලය වහක් වී තිබෙන බව ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න පවසනවා.

ඇය ඒ බව සඳහන් කළේ පසුගිය මැයි 25 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයෙන් අනතුරුව ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අදාල ඉහළ නිලධාරීන් පත්වන්නේම ජරා මජර ක්‍රමය යටතේ වන හෙයින් ඔවුන් තවදුරටත් සේවය කරන්නේ එම පාලකයන්ට බවත් ඇය සඳහන් කර සිටියා.

එහෙත් හොරා කෑ,අරගලයට ප්‍රචණ්ඩත්වය එවූ සියලු දෙනා අදටත් නිදැල්ලේ සිටින බවයි අබේරත්න මහත්මිය පැවසුවේ.

කලා ශිල්පිනියක් ලෙස තමන් පාරට බැස්සේ රටේම ජනතාව වෙනුවෙන් වන අතර වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටියදී අරගලය හොඳ වූ බවත් ජනාධිපති වීමෙන් අනතුරුව අරගලය නරක වූ බවත් ඇය ප්‍රකාශ කරනවා.

අරගලයේ පිහිටෙන්ම ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහට අවසානයේ අරගලය නරක වූයේ කෙසේද යන්න පිළිබඳව ද ඇය ප්‍රශ්න කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...