27 C
Colombo
Friday, May 3, 2024

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්න..! – විමල් ඇතුළු පිරිසක් කියයි

- Advertisement -

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බවයි ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙම නිවේදනයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඇතුලු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් අටදෙනෙකු අත්සන් තබා තිබෙනවා.

මේ අතර, අදාල නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් වහාම සිදුකළ යුතු බව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කරනවා.

ඒ සඳහා විශේෂ නියෝජිතයෙකු වහාම චීනයට සහ ඉන්දියාවට ගොස් දෙපාර්ශ්වයට පිළිගත හැකි අතරමැදි විසඳුමකට එළැඹීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

චීනයේ – යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව පිළිබඳව පසුගිය දින කිහිපය තුළදීම වාර්තා පළ වූ අතර එය ඊයේ පෙරවරු 9යි 30ට හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත බවටයි ඉන්දීය එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කර තිබුණේ.

මෙම නෞකාව පර්යේෂණ නෞකාවක් ලෙස හැඳින්වුවත් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ස්ථානගත කිරීම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබීම හේතුවෙන් ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවට ඉන්දියාව මත පළ කළා.

මේ හේතුවෙන් ඉන්දියාවේ දැඩි අප්‍රසාදය මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් එල්ල කර ඇති අතර එවන් පසුබිම ලක් රජය ද චීනයට දැනුම් දී තිබුණේ මෙම නෞකාවේ පැමිණීම ප්‍රමාද කරන ලෙසටයි.

මේ අතර, මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයේ පසුවන පාකිස්ථාන යුද නෞකාව වන PNS Taimur නෞකාව අද පෙරවරුවේදී කොළඹ වරායට ළඟා වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...