30 C
Colombo
Thursday, May 2, 2024

අවස්ථාවාදී ඇමති තනතුරු වලින් රට ගොඩ ගන්න බෑ..! – සජිත්

- Advertisement -

2019දී ශූරත්වය වීරත්වය ගැන සිතා ඇතැමුන් වැරදි මාවත තෝරාගත් බවත්, එයින් වසර දෙකකට පසු සිද්ධ වුණේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බිහි වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගර්භණී මව්වරුන්ට පෝෂණ සලාකයවත් ලබා දෙන්නට නොහැකි තත්වයට බංකොළොත් වී ඇති රටක ඇමති තනතුරු ලබා ගැනීමට හිත හදා ගැනීමට හැක්කේ කාටදැයි විපක්ෂ නායකවරයා එහිදී විමසා සිටියා.

ගැබිණි මව්වරුන් වෙත වියළි සලාක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් සංවිධානය කරනු ලැබීය. එය, කොලොන්න තුංකම තෙරුන්නාන්සේගම විහාරස්ථානයේදී ඊයේ (14) පැවැත්විණි.

සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් සහ මව්වරුන් පිරිසක් බිහි කිරීම පවා සුරක්ෂිත ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැදගත් වන බව එහිදී අවධාරණය කරනු ලැබීය.

මේ මොහොතේ කළ යුත්තේ ඇමති තනතුරු ඇතුලු තාන්න මාන්න වෙනුවට රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම උදෙසා අවංකව කැප වීම බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවස්ථාවාදී තනතුරු වලින් එය කළ නොහැකි බවත් අවධාරණය කර සිටියා.


RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...