25 C
Colombo
Monday, April 29, 2024

දඬුලේනාගේ පට්ටම ගැලවීමේ තීරණයත් රිවර්ස්

- Advertisement -

මේ වනවිට ජාතික සත්වයා ලෙස නම් කර ඇති දඩුලේනාගේ එම තත්ත්වය ඉවත් කිරීමට වුවද තමන් පසුබට නොවන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මින් පෙර ප්‍රකාශයක් සිදු කර තිබුනා.

ඒ, මෙරට ගොවිතැනට බරපතළ ලෙස හානි කරනු ලබන සත්වයින් හඳුනාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු නිර්දේශ අනුව එලෙස බරපතළ ලෙස ගොවිතැනට හානි කරනු ලබන සතුන් ලැයිස්තුවේ දඬු ලේනාගේ නම ද තිබීම හේතුවෙන්

කෙසේ වෙතත් ඊයේ (15) නැවතත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ දඩුලේනා ජාතික සත්වයා ලෙස තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර ඇති බවයි.

එම තීරණය සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ල වූ බවත් එවන් තත්ත්වයක් යටතේ අනවශ්‍ය අර්බුද මතු කර ගැනීම මේ මොහොතේ සුදුසු නොවන බවත් ඔහු මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් ගොවිතැනට හානි කරන සතුන් මර්දනය කරන වැඩ පිළිවෙළක් වහාම සොයා ගත යුතු බව සඳහන් කරන කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේ එවැනි තත්වයක් යටතේ දඩුලේනා සතුව ඇති මෙම ජාතික පිළිගැනීම එයට බාධාවක් වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...