32 C
Colombo
Saturday, May 4, 2024

චීනයේ කොරෝනා ශූනය ප්‍රතිපත්තිය අසාර්ථක බවට යළි චෝදනා

- Advertisement -

ජනතාව පීඩාවට පත් කරමින් ෂි ජින් පින් රජය විසින් මෙහෙයවනු ලබන චීනයේ කොරෝනා ශූනය ප්‍රතිපත්තිය අසාර්ථක බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයින් හමුවන නගර වසා දැමීම චීනයේ ප්‍රතිපත්තිය බැවින් මේවනවිටත් චීනයේ ෂැංහයි සහ හයිනැන් නගර සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ටිබෙටයේ කොටසක් වසා දැමීමට ද චීනය පියවර ගෙන තිබේ.

වසා දැමුණු නගර තුළින් හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ යමින් තිබියදී තවත් නගරවලින් කොරෝනා ආසාදිතයින් හමුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊට අමතරව චීනයේ කොරෝනා ශූනය ප්‍රතිපත්තිය හමුවේ එරට වැසියන් මහත් මානසික පීඩනයකට ලක්ව ඇති බව ද සඳහන්.

දීර්ඝ කාලීන ලෙස නගර වසා දැමීමේ ක්‍රියාවලියකට ලක්වීම හෝ රැකියා අවස්ථා අහිමි වනු ඇති බවට චීන වැසියන් බියෙන් පසුවන බව ද පැවසෙයි.

කොරෝනා ශූනය ප්‍රතිපත්තිය යටතේ චීනයේ ඉදිකර ඇති බොහෝ නිරෝධායන මධ්‍යස්ථාන තුළ ඇඳන් ඇතුළු මූලික අවශ්‍යතාවල හිගයක් පවතින බව ද වාර්තා වේ.

චීනයේ නිවෙස් තුළ නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයින් ආහාර හා ඖෂධ හිගයෙන් පිඩා විඳින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...