30 C
Colombo
Tuesday, May 7, 2024

සනත් නිශාන්තට වැඩ වරදියි (වීඩියෝ)

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සිදුකළ ප්‍රකාශයක් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිකර තිබෙනවා.

ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්, නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් විනිසුරුවරුන් අපරාධරුවන්ට ඉක්මනින් ඇප ලබාදීම සම්බන්ධයෙන් වගකිවයුතු බවයි.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ සනත් නිශාන්ත මහතා අධිකරණයට බලපෑමක් වන ප්‍රකාශයක් කර ඇත්දැයි මුල් වීඩියෝ පට මාධ්‍ය ආයතන වලින් කැදවා පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් චෝදනා කළේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පොදුදේපල පනත යටතේ හෝ පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගත් පසුව මහාධිකරණයෙන් ඇප ලබාගත යුතු වුවත් මේ වන විට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී ගෙදර යවන බවයි.


RECENT ARTICLES - SINHALA

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ජාතික ගුරු සභාවට කැබිනට් අනුමැතිය

අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් හරහා ගුරුවරුන්ගේ වෘත්තීමය භාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතයන් හා සමගාමීව ජාතික...

මන්නාරම සුළං බලාගාර ටෙන්ඩරය අදානිට

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...