24 C
Colombo
Tuesday, March 21, 2023

සනත් නිශාන්තගෙන් අධිකරණ විනිසුරුවරුන්ට දැඩි චෝදනාවක් (වීඩියෝ)

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අධිකරණ විනිසුරුවරුන් වෙත දැඩි චෝදනාවක් එල්ලකර තිබෙනවා.

ඒ ඊයේ (23) එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

ඔහු පවසන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්, නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් විනිසුරුවරුන් අපරාධරුවන්ට ඉක්මනින් ඇප ලබාදීම සම්බන්ධයෙන් වගකිවයුතු බවයි.

පොදුදේපල පනත යටතේ හෝ පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගත් පසුව මහාධිකරණයෙන් ඇප ලබාගත යුතු වුවත් මේ වන විට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී ගෙදර යවන බවට සනත් නිශාන්ත මන්ත්‍රීවරයා චෝදනා කරනවා.

රටේ කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවන බවත්, එයට ඇතැම් නිලධාරීන් වගකිවයුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම තමන් මැයි 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෝල්ෆේස් හරහා ගමන් කළේ සංදේශයක් භාරදීමට බවත්, එය තමන්ගේ සාක්කුවේ තිබූ බවත් සනත් නිශාන්ත මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙහිදී සදහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.