32 C
Colombo
Thursday, May 2, 2024

සුදු බුදු සාධුගේ පන්සලේ වදුරු වසංගතයට ශාන්තිකර්මයක් (වීඩියෝ)

- Advertisement -

කඩවත ප්‍රදේශයේ ඇති සිරි අරන්තක සමාධි අරණ විහාස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් විසින් නව වසරට සෙත්පතා වදුරු වසංගත දුරුවනු පිණිස ගම්මඩු ශාන්ති කර්මයක් පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ශාන්තිකර්මයට පැමිණි පිරිස නිරෝධායන නීති කඩ කරමින් පැමිණ ඇති බවටයි වාර්තාවන්නේ.
පවත්නා තත්ත්වය මත මෙපමණ පිරිසක් ඒකරාශී කිරීම නීති විරෝධීවන අතර ඔවුන් කිසිවෙකුත් මුඛ ආවරණයක් හෝ පැළද නොසිටීමද විශේෂත්වයක්.
එමෙන්ම විශාල වශයෙන් පළතුරු සහ කැවිළි වර්ග ගොඩගසා පිටදූවේ සිරිධම්ම හිමියන් අනුකරණය කරන ආකාරයේ වත්පිළිවෙත් මෙම විහාරස්ථානය තුළද සිදුකර තිබෙනවා.
බොරැල්ලේ සිරිසුමන හිමියන් පිළිබදව මීට පෙර කතාබහ ඇතිවුණේ ඔහු තමන් බුදුබව ලබා ඇති බවට නාරජිදෙකුගේ ප්‍රතිමාවක් තුළ වාඩිවී කිරිවලින් නහවා කහ තවරාගෙන හින්දු පූජකයෙක් ලවා සිදුකරගත් ශාන්තිකර්මයක් පිළිබදව තොරතුරු වාර්තාවීමත් සමඟයි.
ඉන් අනතුරුව ඔහුට දැඩි විරෝධයක් පැමිණි අතර පසුව ඒ පිළිබදව මහා සංඝරත්නයෙන් සමාව අයැදීමටද සිරි සුමන හිමියන් කටයුතු කර තිබුණෘ.
කෙසේ වෙතත් කොරෝනා පැණියක් සොයාගත් බවට කියූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අනුරාධපුරයට ගොස් “මම කාලි” යනුවෙන් අටමස්ථානාධිපති හිමියන්ට පැවසූ අවස්ථාවේදී ධම්මික බණ්ඩාර මහතා සමඟ ගිය කණ්ඩායමේද බොරැල්ලේ සිරිසුමන හිමියන් පැමිණ තිබුණා.

RECENT ARTICLES - SINHALA

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කර තිබෙනවා. ඒ අනුව, දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් , වයඹ පළාත් ආණ්ඩුකාරවරයා...

විජේදාස ආවේ ඇමතිකම බල්ලට දාලා -මෛත්‍රී

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණු බව ජනාධිපති මෛත්‍රීපාල ⁣සිරිසේන මහතා පවසනවා . 'රට රකින ජන...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...