33 C
Colombo
Wednesday, May 1, 2024

ඊශ්‍රායලය සමග ගනුදෙනු නොකරන බව පකිස්තානය යළි කියයි

- Advertisement -

පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් රටේ ස්ථාවරය නොවෙනස්ව පවතින බව ප්‍රකාශ කරමින් කිසිදු නිල පාකිස්ථාන දූත පිරිසක ඊශ්‍රායලයේ සංචාරය කරන බවට වන වාර්තා පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රතික්ෂේප කර තිබේ.

විදේශ කාර්යාල ප්‍රකාශක, මාධ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ අදාළ වාර්තාගත සංචාරය පාකිස්තානය පදනම් කර නොගත් විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) විසින් සංවිධානය කර ඇති බවයි.

පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් පාකිස්තානයේ ස්ථාවරය එහිදී ඔහු නැවත අවධාරණය කර තිබේ.

දිනකට පෙර පාකිස්ථානු නියෝජිත පිරිසක් ජෙරුසලමේදී ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශ නිලධාරීන් හමුවී ඇති අතර ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු ද ඊට ඇතුළත් විය.

පලස්තීන ජනතාවට අහිමි කළ නොහැකි ස්වයං නිර්ණ අයිතියට පකිස්තානය ස්ථීර ලෙස සහාය දෙන බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන බව ද නිව්ස් ඉන්ටර්නැෂනල් වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

තවත් පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් රනිල් ළඟට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය පළ කරන බවට...

කටුනායකට රත්තරන් සාප්පුවක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ /සංක්‍රමණ කලාපයේ රත්තරන් සාප්පුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. රජය පවසන්නේ ගුවන්තොටුපලේ නව ව්‍යාපාරික අවස්ථාවක් වශයෙන් රත්රන් ව්‍යාපාරය...

බොරු කියා අස්වැසුම ගත් අය සොයන්න විශේෂ වැඩපිළිවෙලක්

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි සභාපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...