32 C
Colombo
Thursday, May 2, 2024

වරාය සටන ශ්‍රේෂ්ඨාධිකරණයට?

- Advertisement -

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වරාය වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.


නැගෙනහිර පර්යන්තයේ විශාල කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට ආණ්ඩුව ගත් තීරණය වෙනස් නොමැති බවට ජනාධිපතිවරයා හා කැබිනට් කමිටුව අතර සාකච්ඡාවලදී පෙනීයාමෙන් පසු මෙම සාකච්ඡාව ආරම්භ වී යැයි වෘත්තිය සමිති නායකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.


ජනාධිපතිවරයා හා වෘත්තිය සමිති නායකයන් අතර පැවැති සාකච්ඡා අසාර්ථකවීමෙන් පසුව කැබිනට් කමිටුව හා නැවත සාකච්ඡාවක් ඊයේ(17) පෙරවරුවේ පැවැත් වූ නමුත් ඊට කමිටු සාමාජිකයන් හය දෙනාගෙන් දෙදෙනකුම සහභාගී වී නැත.


වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක හා වරාය අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී ජයලාල් යන මහත්වරුන් පමණක් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර එම සාකච්ඡාව ද අසාර්ථක වූ බව වෘත්තිය සමිති නායකයෝ පැවැසූහ.


පර්යන්තයෙන් 49% ක් අදානි සමාගමට පැවරීමට ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටින්නේ යැයි ද වෘත්තිය සමිති සිටින්නේ පර්යන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය සතු විය යුතුය යන ස්ථාවරයේ යැයි ද ආණ්ඩුව නියෝජනය කරන වෘත්තිය සමිතියක් වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා සාකච්ඡා අවසන්වීමෙන් පසුව මාධ්‍යට පැවැසීය.


වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා පැවැසුවේ ඉන්දියාවේ වැඩිවන බහලුම් ප්‍රමාණය අනුව කිසි අවස්ථාවක ඉන්දියාවට ලංකාව මගහැර යා නොහැකිව තිබියදී විෂය භාර ඇමැති රෝහිත අබේගුණවර්ධන සාවද්‍ය කරුණු ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අදානි සමාගමට වරායේ කොටසක් පැවැරීමට යෝජනා කිරීම බරපතල කරුණක් බවයි.


මෙම තත්ත්වය මත ආණ්ඩුවේ අභිලාශය පැහැදිලි බැවින් තවදුරටත් සාකච්ඡා කිරීම පල රහිත ක්‍රියාවක් සේ පෙනීයන්නේ යැයි ද ඒ අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡාවක් ආරම්භ කළේ යැයි ද එම වෘත්තිය සමිති නායකයා ‘නිව්ස් 19’ ට පැවැසීය.

RECENT ARTICLES - SINHALA

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කර තිබෙනවා. ඒ අනුව, දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් , වයඹ පළාත් ආණ්ඩුකාරවරයා...

විජේදාස ආවේ ඇමතිකම බල්ලට දාලා -මෛත්‍රී

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණු බව ජනාධිපති මෛත්‍රීපාල ⁣සිරිසේන මහතා පවසනවා . 'රට රකින ජන...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...