29 C
Colombo
Wednesday, May 15, 2024

පොහොට්ටු ප්‍රභලයන් රැසක් රනිල්ට එකතු වෙනවා – ගුණපාල රත්නසේකර

- Advertisement -

රජයේ වත්මන් හැසිරීම මඩට වැටුණු මිනිසෙක් ඉන් ගොඩ ඒමට දැඟලීමට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර පවසනවා.

ඒ, අද (25) ”නිදහස” ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින්.

ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ විශාල වශයෙන් බදු ආදායම් පහළ දැමූ වරදට සමාන වරදක් ඉතිහාසයේ නොවූ විරූ ලෙස බදු වැඩි කිරීම මගින් රජය සිදුකරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කෙසේවෙතත්, තමන් ඇතුළු 13 දෙනෙකු ප්‍රථමයෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වී විපක්ෂයට එකතු වුවා සේම දැන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුද පොහොට්ටුවේ බිඳ වැටීමක් තිබෙන බවත් හිතා ගැනීමටවත් නොහැකි පොහොට්ටු ප්‍රබලයින් පිරිසක් ජනාධිපතිවරයා සමඟ එකතුවීමට සැලසුම් කරමින් සිටින බවත් ඔහු පවසනවා.

තමන් දිවි ඇති තෙක් යළි දේශපාලනයට එක් නොවන බව මැයි 9 වන දින රාත්‍රියේ ඔහුගේ නිවසට පහර දී ගණි තැබීමෙන් පසුව කළක් ප්‍රවීන උපකාරක පන්ති දේශකයෙකු වූ හිටපු රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර පවසා සිටි නමුත් ඔහු තවමත් ක්‍රියාකාරීව දේශපාලනයේ යෙදෙනවා.

පසුගිය මහ මැතිවරණයේදී වියත්මග සංවිධානය හරහා පොහොට්ටු පක්ෂයෙන් කුරුණෑගල දිසිත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ අතර අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට තරම් සාමාජීය හා දේශපාලන ස්ථාවරභාවයක් රටේ නොමැති බව පවසමින් මැයි 06 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස් විය.


RECENT ARTICLES - SINHALA

තරුණියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට මෝස්තර නිරූපණ ගුරුවරයෙක් අත්අඩංගුවට

මෝස්තර නිරූපණය පිළිබඳ පන්තියකට සහභාගී වූ 19 හැවිරිදි තරුණියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වන එම පන්තියේ ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය...

මාස 06ක් පරීක්ෂණ කළ යුතු එන්නතක් මාස දෙකකින් නිෂ්පාදනයට අවසර දීලා

නිර්වින්දන කටයුතු මෙන්ම මොළය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 08ක් මාස හයක සුපරීක්ෂණ කාලයකට...

පොලිස් වැටලීම් ගැන වට්ස් ඇප් පණිවිඩ යැවූ දෙදෙනෙක් රිමාන්ඩ්

මුර සංචාර , මත්ද්‍රව්‍ය වැටලීම් හා රථ වාහන රාජකාරිවල නියැලෙන පොලිස් නිලධාරීන් පිළිබඳව අපරාධකරුවන් දැනුවත් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...