26 C
Colombo
Wednesday, May 1, 2024

මංජුලා කුමාරිගේ නිල් මැණික් සිදුවීමකට ව්‍යාජ SSP කෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ලග්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ජනප්‍රිය නිළි මංජුලා කුමාරි සහ ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් හවුලේ පවත්වාගෙන ගිය පතලකින් හමු වූ නිල් මැණිකක් සැකකරු විසින් වංචනික ලෙස රැගෙන යාමට උත්සහ කිරීමේ චෝදනාවක් හේතුවෙන්.

පසුගිය 22 වැනිදා සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී වංචා කළ බව කියන නිල් මැණික සහ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබුණා.

පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ ඔහු ටෙලිනාට්‍ය කිහිපයකට සහය නළුවෙකු ලෙස රංගනයෙන් දායක වූ අයෙක් බවයි.

ජනප්‍රිය නිළි මංජුලා කුමාරි පතල් කැණීමට ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

පසුව වවුනියාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මෙම සැකකරු මංජුලා කුමාරිගේ නියෝජිතයා ලෙස මාස ගණනාවක් පුරාවට මෙම සැකකරු පතල බලාගැනීමට පැමිණ තිබෙනවා.

කෙසේවෙතත් පතල පවත්වාගෙන ගිය අනෙක් කාන්තාව පොලිසියට පවසා ඇත්තේ, සැකකරු වංචනික ලෙස නිල් මැණික රැගෙන යාමට උත්සහ කළ බවයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ටෙලි නාට්‍ය නිළියගේ සැමියා සමඟ ඇති හිතවත්කම් මත මෙම පතල බලාගැනීම සඳහා ඔහුට පවරා ඇති බවයි.

මෙම පුද්ගලයා ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන මංජුලා කුමාරි මහත්මිය සමඟ ටෙලිනාට්‍ය කිහිපයකම පොලිස් නිලධාරියකුගේ චරිත රඟපා තිබෙන බවද වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (23) දිනයේ දී නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...