30.5 C
Colombo
Sunday, April 28, 2024

උතුරු හා උතුරු මැද ජනතාවට රුපියල් ලක්ෂය දක්වා ක්ෂුද්‍ර මූල්‍ය ණය

- Advertisement -

මේ වන විට උතුරු හා උතුරු මැද ජනතාව දැඩිව පීඩාවට පත්ව සිටින ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් ජනතාව නිදහස් කරගැනීම සදහා වන තීරණ කිහිපයකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සදහා මේ වන විටත් උතුරු හා උතුරුමැද පළාත්වල දිස්ත්‍රික් ලේකම් කාර්යාල 06 ක් මගින් ක්‍රියාත්මක වන සමූපකාර ග්‍රාමීය බැංකු සහ සකසුරුවම් හා ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
රජය නිවේදනය කරන්නේ මේ වන විට උතුරු පළාතට රුපියල් මිලියන 292 ක් සහ උතුරුමැද පළාතට රුපියල් මිලියන 250 ක් වශයෙන් රුපියල් මිලියන 542 ක මුදලක් එම ණය යෝජනා ක්‍රම යටතේ එම ප්‍රදේශවල ජනතාවට ලබාදී අවසන් බවයි.
ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම මගින් ණය මුදල් ලබාගෙන ණයගැතිභාවයට පත්වී සිටින ග්‍රාමීය අඩු ආදායම්ලාභීන් හට සහන සැලසීම සදහා මෙම චක්‍රීය අරමුදල් භාවිතයෙන් අදාල ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරමින් ඔවුන්ට ලබාදෙන උපරිම ණය සීමාව රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම වාර්ෂික පොලී අනුපාතය 9% සිට 6% දක්වා අඩු කිරීමටත් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීලටත් ආර්ථිකය අමාරුයි.වාහනත් විකුණලා

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තුව...

පොලිසියේ විනය පරීක්ෂණ වාර්තාව දේශබන්දුට‍

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාරදී තිබෙනවා. විනය පටිපාටිය කඩිනම් කිරීම...

ව්‍යාජ රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 3ක් පොලිස් දැලේ

කිලිනොච්චි ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...