29.6 C
Colombo
Sunday, April 28, 2024

පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වැඩක් – ජවිපෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

- Advertisement -

පාස්කු ප්‍රහාරය පසුපස සිටියේ ඉන්දියාව යැයි ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයකු වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබේ.

“මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව” යනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම ප්‍රකාශය කර ඇත්තේ බී.බී.සී සිංහල සේවයට සාකච්ඡාවක් ලබාදෙමිනි.

බී.බී.සී සිංහල සේවය දක්වන පරිදි වෛද්‍ය නලින්ද ජයතිස්ස එම නිගමනයට එළඹ තිබෙන්නේ ප්‍රහාරය මෙන්ම එයින් පසුව ඒ ගැන සෙවීමට රාජ්‍ය මට්ටමින් කළ මැදිහත්වීම් ගැන ද විමර්ශනාත්මක සාක්ෂි ගණනාවක් පදනම් කරගෙනය.

බී.බී.සී සිංහල සේවය දක්වන ආකාරයට එම කරුණු මෙසේය.

1.හදිසි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශවලින් මුලින්ම තොරතුරු ලැබී තිබෙන්නේ 2019 අප්‍රේල් 04 වෙනි දිනය.
2.කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද එක් ඉලක්කයක් බව එම බුද්ධි තොරතුරුවල කියැවිණ.
3.ඒ අවස්ථාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වැඩි ආරක්ෂාවක් දෙන මෙන් ඉන්දියාව ඉල්ලීමක් කළේ ද, නොඑසේනම් එවැනි ආරක්ෂාවක් ලබා දුන්නේ දැයි පාර්ලිමේන්තු කමිටුව කළ විමසීමට ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රතිචාරය වූයේ ‘නැත‘ යන්නය.
4.2019 අප්‍රේල් 08 වෙනි දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ හදිසි එක් දින සංචාරයක නිරත විය.
5.එදින ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ ආරක්ෂක විධිවිධානයක් යොදා නොතිබිණ.
6.කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරකයාගේ බිරිඳ, ‘සාරා‘ හෙවත් පුලස්තිනී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පලා ගොස් තිබේ. ඇය ඉන්දියාවට පලා ගියේ කෙසේද යන්න ද ප්‍රහේලිකාවකි.
7.ඇය ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ උනන්දුවක් නොතිබුණ අතර, ඉන්දියාව ද ඇය භාරදීමට සූදානම් බවක් නොපෙනේ.
8.පොලිසිය මෙතෙක් ‘සාරා‘ ගෙන් ප්‍රශ්න කොට නැති අතර, ජනාධිපති කොමිසම ද ඒ ගැන උනන්දුවක් නොදැක්වීය.
9.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට නාමල් කුමාර නැමැත්තා කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ අතරමග ඇනහිටීම ද සැකයට තුඩු දෙන්නකි.
10.එම ”ඝාතන ප්‍රයත්නයට” සම්බන්ධ බව පැවසුනු ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙක් ලෙස පවසමින් මුදා හැර තිබේ.
11.නාමල් කුමාර නමැත්තාගේ ඉහත කී ප්‍රකාශය යොදා ගනිමින් සහ්රාන් හෂීම් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පවත්වමින් සිටි විමර්ශනය නවතා දැමීම.

බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දක්වා ඇති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර ඇත්තේ පාස්කු ප්‍රහාරය වැනි දරුණු ප්‍රහාරයක් පිටිපස යුද තාක්ෂණයෙන් පරිපූර්ණ, සංවිධිත බුද්ධි තොරතුරු ජාලයක් වගේම හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක් සිටිය යුතු නමුත් සහරාන්ට එවැනි ජාලයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් නැති බවය.

RECENT ARTICLES - SINHALA

පොලිස් භාරයේ සිටි සැකකරුවෙක් පලා ගිහින්

පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය...

දියේ ගිලී තරුණයෙක් මරුට

නොච්චියාගම, මානෙල් වැවේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (27) උදෑසන කාලයේදී එම තරුණයා මානෙල් වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී මෙලෙස එහි ගිලී...

වන විනාශය ගැන හොයන්න විශේෂ කණ්ඩායම්

දිවයින පුරා සිදුවන වන විනාශයන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි වන සං‍රක්ෂණ දෙපාර්තුමේන්තුව පවසනවා. වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...