26 C
Colombo
Sunday, May 26, 2024

ආරච්චිකට්ටුව සමූපකාර ඡන්දෙන් සනත් නිශාන්ත පරාදයි

- Advertisement -

සී/ස ආරච්චිකට්ටුව විවිධසේවා සමූපකාර සමිතිය සඳහා ඊයේ (17) ඡන්ද විමසීම පවත්වා තිබෙනවා.

එම සමූපකාර සමිතියට අයත් අංක 01 දරන ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයේ සභික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය කේ. සනත් නිශාන්ත පෙරේරා මහතා පරාජයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අංක 01 දරණ ප්‍රදේශිකයේ සභිකයින් 9 කින් 6 ක් දිනාගෙන එම ප්‍රාදේශිකයේ ඡන්දය ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගය කණ්ඩායමයි.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ සොහොයුරා අපේක්ෂකත්වය දැරූ පොහොට්ටුවේ කණ්ඩායමට එම ප්‍රදේශිකයෙන් හිමිව ඇත්තේ සභික ධුර 3ක් පමණයි.

එහෙත් ඒ තුන්දෙනා අතරටවත් පැමිණීමට සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට හැකිවී නැහැ.

අංක 01 දරන ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයෙන් ඡන්දයට ඉදිරිපත්වූ පොහොට්ටුවේ අපේක්ෂකයන් 19 දෙනා අතරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට හිමිව ඇත්තේ 11වන ස්ථානය යි.

ඔහුගේ සොහොයුරු කේ. ජගත් සමන්ත පෙරේරා 5 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

කෙසේවෙතත් සමස්ත ප්‍රතිඵල අනුව සභික ධුර 98ක් හිමි සී/ස ආරච්චිකට්ටුව විවිධසේවා සමූපකාර සමිතියේ සභික ධුර 46 ක් දිනාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ජයග්‍රහණය කළා.

එම ඡන්දයට පළමු වරට ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය කණ්ඩායමද ආසන 37ක් දිනා ගැනීමට සමත් වුණා.

නමුත් සනත් නිශාන්ත මහතාට හා ඔහුගේ සොහොයුරාට සමූපකාර ඡන්දයෙන් කිසිදු ස්ථානයක් හිමිව නැහැ.

RECENT ARTICLES - SINHALA

හෙරොයින් විකිණු සුරාබදු නිලධාරියා අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව පැවසෙන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...

කේප්පාපිලවු ඉඩම් ගැටළුව විසඳීමට ජනපති මැදිහත් වෙලා

තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26)...

විදුලි රැහැනක ගැටී කාන්තාවක් මරුට

අයහපත් කාලගුණික තත්වය සමඟ කඩාවැටී තිබූ විදුලි රැහැනක ගැටී හොරණ මිවනපලාන ප්‍රදේශයේ කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවන එම...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...