32 C
Colombo
Thursday, May 2, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනස ළඟදීම

- Advertisement -

ක්‍රිකට් පරිපාලනය කඩිනමින් වෙනස් කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති බවයි වාර්තා වන්නේ.

ඊට අතුරු කමිටු නියෝජනය කළ හිටපු සාමාජිකයන් කිහිදෙනෙක් ද එක්ව සිට තිබෙනවා.

මෙහිදී යළිත් අතුරු කමිටුවක් පත් කිරීම වෙනුවට නිදහස් ස්වාධීන පරිපාලන කමිටුවක් පත්කර ඒ යටතේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර නිලවරණයකට යාමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ක්‍රිකට් නිලවරණයකට ඡන්ද සංඛ්‍යාව අඩු කිරීමට එහිදී අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් පැවැති සාකච්ඡාවේ අවසන් එකඟතාවයක් පැමිණ නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර

ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවා. ඔහු මේ බව...

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

අපේ මුහුදේ හොරෙන් මාලු අල්ලන්න ආපු ඉන්දීය ධීවරයින්ට ප්‍රහාරයක්

උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමට ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් සිටි ඉන්දියාවේ නාගපටිනම්ප් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ඊයේ (01) රාත්‍රීයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...