33 C
Colombo
Saturday, May 4, 2024

අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෙළි වෙයි

- Advertisement -

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සිදුකර ඇති විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා.

2020 වසරේ ඉන්දියාවේ තමිල්නාඩුවේ කොයිම්බතූර්හිදී ජීවිතක්ෂයට පත් වූ අංගොඩ ලෝකකාගේ මරණය හෘදයාබාධයකින් සිදුවුවක් බවයි අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වී ඇත්තේ.

2020 වසරේ දී අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් සිදුවූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විට බැහැර කර ඇති බවයි වාර්තා වන්නේ.

කොයිම්බතූර්හි චෙරන්මා නගර් හි පිහිටි බාලාජිහි කුලී නිවසක දි අංගොඩ ලොක්කාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් 2020 ජූලි 03 වැනි දින රාත්‍රියේ දී මරණයට පත් වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සොයා ගැනීම්වලට අනුව සඳහන් වී ඇත්තේ.

කෙසේ නමුත් අංගොඩ ලොක්කා සමඟ ජීවත් වූ සහ ඔහු මියයන විටදීත් එහි සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු ඉන්දීය ජාතික 7 දෙනෙක්ට එරෙහිව පැවැත්වෙන නඩු තවදුරටත් පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...