33 C
Colombo
Thursday, May 2, 2024

අද දින මැති ඇමතිවරුන් 19කට කොවිඩ් එන්නත

- Advertisement -

ර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඔස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු අද (16) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී එන්නත්කරණ කටයුතු ආරම්භ කළ අතර අද දිනයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු එන්නත ලබාගෙන ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

එන්නත් ලබාදීමේ කටයුතු ඉදිරි දින දෙක තුළදී ද සිදුකිරීමට නියමිත බව ඔහු පවසා සිටියි.

මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එන්නත ලබාගැනීම සඳහා අද පෙරවරුවේ යුද හමුදා රෝහල වෙත පැමිණි බව වාර්තා වේ.

අවස්ථා කිහිපයක දී කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා බවට ප්‍රකාශ සිදුකළ පූජ්‍ය අතුරලියේ රතන හිමි ද එන්නත ලබාගැනීම සඳහා පැමිණ සිටි බව සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

වරායෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසනවා. පසුගිය වසරේ පළමු කාර්තුවේදී බහාලු මෙහෙයුම් ප්‍රමාණය 441,032 ක්...

පරාටේ නීතිය ගැන විශේෂ තීරණයක්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා...

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...