29.7 C
Colombo
Sunday, April 28, 2024

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

- Advertisement -

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ ඔහු සිය මිතුරෙකු සමඟ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට ගොස් සිටින බවට සදහන් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල හුවමාරුවීමත් සමඟයි.

මේ සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ හට තදබල විවේචන එල්ලවී ඇති අතර ඉන් ‌බොහොමයකම නිර්දය ලෙස සටහන් කර තිබුණේ වසන්ත මුදලිගේ වැනි අයෙකු හට එවන් ස්ථානයකට යා නොහැකි බවයි.

News19.lk මේ පිළිබදව කළ සොයා බැලීමේදී වාර්තා වූයේ අදාළ ඡායාරූපවල දැක්වෙන ස්ථානය කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය නොව කොළඹ One Galleface Mall හී ආපන ශාලා පවතින ස්ථානය බවයි.

මෙම ස්ථානයට ගොස් ඇති අයෙකු අවට ඇති දෑවලින්ම පහසුවෙන් එය ෂැන්ග්‍රිලා හෝටලය නොවන බවට හදුනා ගත්තද එම ස්ථානයට ගොස් නොමැති අයෙකු එය ෂැන්ග්‍රිලා බවට පැවසෙන නොමඟ යවන සටහන්වලට පහසුවෙන් හසුවිය හැකියි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ සමඟ මෙම ස්ථානයට ගිය අනෙක් සඟයා වන නුවන් ළහිරු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබුණා.

ඉන් කියැවුණේ පසුගියදා කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකාගත වූ අසංක සායක්කාරයේ ‘කොටු ‘ වේදිකා නාට්‍යය නැරඹීමෙන් අනතුරුව වැසි සහිත කාළගුණයක් පැවති අවස්ථාවේදී තමන් හා වසන්ත මුදලිගේ One Galleface Mall වෙත ගොඩවූ බවයි.

අරගලය පැවති සමයේදී මෙම ස්ථානයට දිනකට තුන් හතර වතාවක් වැසිකිලි අවශ්‍යතා සඳහා සහ මුහුණ සේදීමට පැමිණි බවත් එම මතකයන් අලුත් කරමින් එහි ඇවිද ගිය බවත් නුවන් ළහිරු සටහන් කර තිබුණා.

එහි ආපන ශාලාවලින් එක් ආපන ශාලාවකින් අයිස්ක්‍රීම්ද කෑ බවත් එම ස්ථානයේදී යම් කිසි අයෙකු වසන්තගේ ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයන්හී වෛරය පතුරවන ආකාරයෙන් ප්‍රචාරය කර ඇති බවත් ඔහු සටහන් කර තිබුණා.

එම සටහන පහතින්,

RECENT ARTICLES - SINHALA

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

හෙට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල හෙට (29) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත්...

සහල් සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක්

රජය විසින් නොමිලයේ බෙදාහරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...