33 C
Colombo
Saturday, May 4, 2024

දැන් වන විනාශය උපරිමයි – ආරක්ෂක ලේකම්

- Advertisement -

මේ වන විට වන විනාශය හා පරිසර විනාශය උපරිමයෙන්ම සිදුවන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසනවා.

අද පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී ඔහු මෙම අදහස් පළ කළා.

ගුවන් හමුදාවේ ගුවන්යානා යොදවා තිබුණද තවමත් වන විනාශය අඛණ්ඩව සිදුවන බව ආරක්ෂක ලේකම්වරයා සදහන් කළා.

එමෙන්ම රජයේ ඇතැම් නිලධාරීන්ද මෙම වන විනාශයට සම්බන්දවී සිටින බවද කමල් ගුණරත්න මහතා අනාවරණය කළා.

ඇතැම් පුද්ගලයන් මහා වනයන් කපා දමන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔවුන් සතුව ඊට අදාල බලපත්‍ර පවතින ආකාරය පුදුම සහගත බවයි ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේ.

එමෙන්ම ආණ්ඩුව සමඟ සමීපව ක්‍රියාකරන ත්‍රීකුණාමලය ප්‍රදේශයේ හිමිනමක්ද කැළය කපමින් සිටින බවද කමල් ගුණරත්න මහතා මාධ්‍ය අමතමින් සදහන් කළා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...