25 C
Colombo
Tuesday, May 14, 2024

අධිකරණයට අපහාස කිරීම ගැන විභාග කරන්න මහේස්ත්‍රාත්ට බලයක් නැහැ – මහාධිකරණයට පෙත්සමක්

- Advertisement -

මාධ්‍ය සාකච්ඡාවකදී අධිකරණයට අපහාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත්, අධිකරණයට අපහාසයක්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බවත් එසේ හෙයින් කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙසත් ඉල්ලමින් මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහාධිකරණයට ප්‍රති‍ශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සහ එම නියෝගය අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කරන විමර්ශන නතර කරන නියෝගයක් නිකුත් කරන ලෙසට නීතිඥ මනුෂිකා කුරේ මෙනවිය මාර්ගයෙන් අදාළ ප්‍රති‍ශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇති බව මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහතා පවසනවා.

එම මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ මරදාන පොලිස් බල ප්‍රදේශයේ බවත්, මරදාන පොලිස් බල ප්‍රදේශය අයත් වන්නේ මාලිගාකන්ද අධිකරණ බල ප්‍රදේශයට බවත්, ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් එම ප්‍රති‍ශෝධන පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වනවා.

නතාෂා එදිරිසූරිය ICCPR පනත අනුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදී තරිදු ජයවර්ධන, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, සිවිල් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු, සිවිල් ක්‍රියාධර විදර්ශන කන්නංගර සහ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර යන පිරිස විසින් අධිකරණයට අපහාස කළැයි කියමින් සිංහල රාවය සංවිධානය නියෝජනය කරමින් කරුණු දැක්වූ නීතිඥවරයාගේ ඉල්ලීමක් අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජුනි 07 වැනිදා සහ ජුනි 21 වැනිදා මෙම නියෝගය කර තිබුණා.

අධිකරණ සංවිධාන පනත අනුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නොවන අධිකරණයට අපහාස කිරීමක් ගැන විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයට අපහාස කිරීම ගැන දඬුවම් පැමිණවිය හැක්කේ අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත්, එවැනි සිද්ධියක් ගැන විමර්ශනය කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් තරිඳු ජයවර්ධන මහතා ඉදිරිපත් කළ ප්‍රති‍ශෝධන පෙත්සමේ සඳහන් වනවා.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දාන්න නව කෙටුම්පත් දෙකක්

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ...

ෆෝන් චාර්ජරයක් පස් හැවිරිදි දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර...

වතු හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් – ජීවන් තොන්ඩමන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...