33 C
Colombo
Tuesday, May 14, 2024

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප පලකලැයි මාධ්‍යවේදී තරිදු ජයවර්ධන CID යට

- Advertisement -

ඔක්තෝබර් 09 දින සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයන්හී පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මහතා අද උදෑසන 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

මීට පෙර අදාළ කරුණ සම්බන්ධයෙන් විමසීම සඳහා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර මහතාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

මේ අතර මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහතාට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අතින් ඇඳ පහරදීමට උත්සහ කිරීමේ සිදුවීමට අදාළව පොලිස් මූලස්ථානයට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔහු පවසනවා.

ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර හා බාධාකිරීම් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොවන පරිසරයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇතිවී ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ පෙත්සම සලකා බලන්න දිනයක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති...

වෙසක් කූඩුවට බට කපන්න පන්සලට ගිය සිසුවාට හිමිනම ලිංගික අතවර කරලා

වෙසක් කූඩු සකස් කිරීමට බට කැපීමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කළ බව කියන 27 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට...

සාම්පූර් අත්අඩංගුවට ගැනීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ත්‍රිකුණාමලය, සාම්පූර්හිදී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදූ පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...